IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සේනාධිපති පෙත්සම ඉල්ලා අස්කර ගනී

සීමාසහිත ඇවන්ගාඩ් ආරක්ෂක සේවා පුද්ගලික සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට බලපත‍්‍ර ලබා නොදීමට එරෙහිව එම සමාගම සහ එහි අධ්‍යක්ෂවරයකු වන මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම අද (19) අධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.

ඒ අනුව එම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

අභියාචානාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ මහතා සහ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්කෝන් මහත්මිය හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

මෙම පෙත්සම ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටි සහනය මේවන විට ලැබී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැතැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන ලෙසද ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සියලු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර ලබා දෙන ලදී.

සිය සේවා කටයුතු වලට අවශ්‍ය වන ගිනි අවි 91 ක් සඳහා වන බලපත‍්‍ර නිකුත් කරන ලෙස කොළඹ දිස්ත‍්‍රික් ලේකම්වරයාට නියෝග කරන ලෙසද, එම බලපත‍්‍ර ලබා ගැනීම සඳහා වන අයදුම්පත නිර්දේශ නොකිරීමට මිරිහාන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගත් තීරණය අහෝසි කරන ලෙසත් පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මිරිහාන ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි මහේන් ගුණසේකර , පොලිස් ස්ථානාධිපති සමන් ජයලත් , පරිපාලන අංශයේ ස්ථානාධිපති ,ඊ.එන්.පී.ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ,ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි , කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර සහ නීතිපති නම් කරනු ලැබ තිබිණි.

 



අදහස් (0)

සේනාධිපති පෙත්සම ඉල්ලා අස්කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site