හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.
මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල්, ගෙවින්දු කුමාරතුංග සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළු කර ඇති සෙසු පුද්ගලයෝ වෙති.
COMMENTS
ගෙවින්දු කියන්නේ අපි කවුරුත් ආදරය කරන්න ඕනෑ චරිතයක්.ඔහු ඇතුළු සියල්ලන්ම රටේ සුපතල බුද්ධිමත් මිනිසුන් පිරිසක්.ඉතාම හොඳ තේරීමක් (නි)
අපිට නම් ඉතින් දෙවි පිහිටම තමයි! (නි)
උගතුන් බුද්ධිමතුන් බොහොමයක් ඇතුළත්වීම ගැන සන්තෝෂයි. (නි)
තිස්ස අත්තනායක මහතාට අපේක්ෂකත්වය දීමත්, පොළොවේ පයගසා ජීවත්වන විද්වතකු වන ගෙවින්දු කුමාරතුංග මහතාට අවස්ථාවක් දීමත් අගය කරමි! (නි)
මට පෙන්නන්න බැරි අයත් ඉන්නවා ටික දෙනෙක්. අපි දෙන්නම්කෝ අපේ මනාපය ගානට (නි)
සන්ධානයේ ජාතික ලැයිස්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්වතුන් ගෙන් පිරි එකක්. මෙය දුටුවහම තේරෙනවා අපි ඡන්දෙ දිය යුත්තේ කාටද කියලා. (ර)
මහින්ද යුගය කියන්නේ කවදත් උගතුන් ගැන විශ්වාස කළ යුගයක් නෙමෙයි. හොඳම උදාහරණය 2010 ජාතික ලැයිස්තුව (නි)
ගෙවින්දු කුමාරතුංග මහතාට අවස්ථාව ලැබීම අගයමි. (ර)
අවන්කවම මේ ලැයිස්තුව තමා මම දැකපු හොඳම එක. රටට වැඩක් වේවි. (අ)
හොර තක්කඩි ටික එහෙමම ඉන්නවාලු (අ)
උගතුන් හිටියත් කවුද ඇතුලට එන්නේ .ඇයි ජීවන් . තිස්සට ඡන්දයක් දිනන්න බැරිද (බ)
පිටරට ඉන්න සියලුම මහින්ද පාක්ෂිකයන්ට කරන කාරුණික දැනුන්දීම නම් ඇවිත් ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න එතුමාට සහ පක්ෂයට..මේ ඡන්දය වරද්දගත්තොත් සිංහලයාගේ අවසානය ළගදීම..(බ)
දැන්නම් ඉතින් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
හොඳම ලැයිස්තුවලු. හිනා යනවා (බ)
මේක දැක්කම් මටනම් හිනා. විශ්ව විද්‍යාලෙදි මරා ගත් ගෙවින්දුයි ශිරාලුයි එකට. අනේ ශිරාල් ජාති වාදියෝ එක්ක එකට ඉන්නේ උඹ රෙදි ඇදගෙනද? (බ)
ඉතා හොඳ තේරීමක්. නමුත් තවත් උගත් අය ඇතුල් කරන්න තිබුන. සීයට 75 සිංහල ලංකා විශ්වවිද්‍යාල උපාධි තියෙන අය දැම්ම නම් හොඳයි (බ)
හොර සෙට් එක ජාතික ලැයිස්තුවෙන් ගෙනැල්ලා (බ)
හොරු ගොඩක් නෑ වාගේ පෙනෙන්නේ. ඒත් රට කන කට්ටිය ටිකක් වැඩි වගේ නේද (බ)
ඩොක්ටර් බී.ඒ රත්නපාල හොඳ දැනුමක් තියෙන ආයුර්වේද භෞතචිකිත්සක වරයෙක්. ඔහු ලංකාවේ දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දක්ෂයෙක් (බ)
හොදටම කඩේ යන අය මේ මහත්තුරු,,... මල්ලෙන් හෙළුව වහගෙන ...ගෙවිදු රෙද්දක් ඇදගෙනද රංග ල එක්ක එකට ඉන්නේ....(බ)
මේ තියෙන්නේ හොඳම ජාතික ලැයිස්තුව කියන නෝනා මහත්වරු ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුව පොඩ්ඩක් බලලා එනවද? (නි)
නියම කට්ටිය තෝරා තිබෙනවා (නි)