(කුෂාන් ජයවර්ධන)
මේ දිනවල පැතිර යන සේනා දළඹුවා ගල්කිරියාගම මහවැලි කොට්ඨාසයේද පැතිර යමින් පවති.
සේනා දළඹුවා සම්බන්ධයෙන් ගල්කිරියාගම ප‍්‍රදේශයෙන් වාර්තාවන පළමු අවස්ථාව මෙයවේ. ගල්කිරියාගම මහවැලි කොට්ඨාසයට අයත් කලාගම ප‍්‍රදේශයේ බඩඉරිගු වගාවන් ආශ‍්‍රිතව මේ වනවිට සේනා දළඹුවා ව්‍යාප්තවී ඇත.
ප‍්‍රදේශයේ කුඹුරු ඉඩම් ආශ‍්‍රිතව ඇති බඩඉරිගු වගාවන් මෙලෙස සේනා දළඹුවාගේ ආක‍්‍රමණයට ලක්ව තිබීම නිසා එම දළඹුවන් වී වගාවට ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීහු පවසති.
ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ දහයියා පුළුස්සා ලබාගත් අළු ශාකපත‍්‍ර මත ඇති පිණී සිඳී යාමට පෙර වගාවට යෙදීම වඩාත් සාර්ථක බවයි. මෙම සාම්ප‍්‍රධායික අළු සත්තාරය මගින් වගාවේ සිටින මෙම දළඹුවා මෙන්ම වෙනත් පණු විශේෂ පාලනය කර ගත හැකි බව ද තම වගාවන් දළඹු ආක‍්‍රමණයට ලක්වීමට පෙර වගාවන්ට අළු සත්කාරය යෙදීම වඩාත් සාර්ථක වනු ඇති බව ද එම නිලධාරීහු පෙන්වා දෙති.
යාබදව ඇති ආඩියාගල පලාගල සහ කැකිරාව මෙන්ම මඩාටුගම ගොවිජන සේවා බල ප‍්‍රදේශවලට ද මෙම දළඹු ආක‍්‍රමණය පැතිරයාමේ අවදානමක් පවතින බව ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීහු අනතුරු අඟවති.



2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සේනා’ සේනාව ගල්කිරියාගමත් ආක්‍රමණය කරයි