IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


‘සේනා’ කළ හානියට වන්දි ඉල්ලා මහවැලි ගොවීහු විරෝධතාවක

(ක.ග.කරුණාරත්න)
 
සේනා දළඹුවාගෙන් පසුගිය වසරේ තම බඩඉරිඟු වගාවට සිදුවූ හානි වෙනුවෙන් මෙතෙක් වන්දි ලබානොදුන්නැයි මහවැලි ගොවීහු පිරිසක් අද(11) පොළොන්නරුවේ ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
 
කජුවත්ත, කණිච්චගල, වෙහෙරගල, අලුත්ඔය ආදී ගම්මානවලින් පැමිණි ගොවීහු 400 කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියහ.
 
ඔවුන් මනම්පිටිය නගරයේ සිට පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල තෙක් පැමිණ මාර්ගය අවහිරකිරීම නිසා රථ වාහන ගමනාගමනයටද බාධා ඇතිවිය.
 
විශාල වියදමක් දරා ණය වී කළ  වගාව මුළුමණින්ම විනශවී ගොස් තිබියදී ඊට සාධාරණ වන්දි මුදලක් ලබානොදීම බලවත් අසාධාණයක් බවද තෝරා ගත් ගොවීන් පිරිසකට පමණක් පසුගිය කාලයේ රජය වන්දි ලබාදුන් බවද ඔවුහු පැවැසූහ.
 
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ප‍්‍රදේශයේ ජනතාව එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.



අදහස් (0)

‘සේනා’ කළ හානියට වන්දි ඉල්ලා මහවැලි ගොවීහු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 173 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site