සෞදි අරාබියේ දමාම් නුවර රැඳවුම් කඳවුරකදී ලාංකික තරුණියක් මිය ගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල කියයි.
මිය ගොස් ඇත්තේ රැකියාවක් සදහා එහි ගොස් සිටි තරැණියක් බවත් ඇය පිළිබඳව තොරතුරැ මෙතෙක් අනාවරණය වී නැති බවත් එම ආරංචි පවසයි.
එම මරණයට හේතුව සොයා බැලීමට පරීක්ෂණයක් පැවැත්වෙන බව තනාපති කාර්යාල කියයි.
මාස කිහිපයක සිට වේතනය නොලැබීම පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේ ඇය සේවය කළ නිවසේ හාම්පුතුන් ඇයට පහර දී, අනතුරුව ඇය නීති විරෝධී රැඳවියන් වෙසෙන කඳවුරකට භාර දී ඇති බව මියගිය තරුණියගේ මිතුරියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට ප්‍රකාශ කොට ඇත.
එම චෝදනා මෙතෙක් ඔප්පු වී නැතැයිද පැවසේ.
කරුණු සොයා බැලීමට තානාපති නිලධාරීන් කඳවුර බලා ගොස් ඇති බවද සදහන් වේ.
සිකුරාදා සෞදි අරාබියේ නිවාඩු දිනයක් බැවින් එදින පැවැත්වීමට පැවැත්වීමට තිබූ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණය කල් ගොස් ඇතැයිද පශ්චාත් මරණ පරීක්ෂණය ඉතා ඉක්මනින්ම පැවැත්වෙනු ඇතැයිද එම කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ මියගිය ප්‍රථම ශ්‍රී ලාංකික කත මැය නොවන අතර එසේ මියයන අවසාන කතද නොවේ. බලයට එන කොයි ආණ්ඩුවත් මේ අහිංසක මිනිසුන් විදෙස් වලට වහළියන් ලෙස විකුණා ඔවුන් ලේ දහදියෙන් උපයන මුදලින් සුර සැප විඳිනවා. මහත්මා දේශපාලනයක් අපට නැහැයි කියන්නේ ඔන්න ඔය නිසයි. (නි)