IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සෞදි - ලංකා ක්‍රිකට් තරගයෙන් 'කැන්ඩි ඉලෙවන්ස්ලාට' ජය

සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලන්කන් ලයන්ස් ක්‍රීඩා සමාජය දමාම් සාබ්සා ක්‍රීඩාංගනයේදී  දෙවැනි වරටත් සංවිධානය කළ මහා ක්‍රිකට් තරගාවලියෙන් ක්‍රීඩා කණ්ඩායම් 30 ක් පරදවා කැන්ඩි ඉලෙවන්ස් කණ්ඩායම ජයග්‍රහණය කළේය. සියලුම ක්‍රීඩා ඉසව් උදැසන 7.30 ආරම්භ වූ අතර  රාත්‍රී 7.00 පමණ වනවිට අර්ධ අවසන් තරග ආරම්භ විය. පී තිබන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සහ නායක මොහොමඩ් අලිගේ නායකත්වයෙන් කෝල්ස් කණ්ඩායම තරගයට පිවිසි අතර කාසියේ වාසිය ලබාගත් කෝල්ස් කණ්ඩායම තරගයට පිවිස ඕවර පහක් ඇතුළත ලකුණු 47 ක් ලබා ගත්තේය. මොහොමඩ් නලීම් ලකුණු 25  ක් ලබා ගත්තේ අගනා හයේ පහරවල් දෙකක් සහ හතරේ පහර දෙකක්ද සමගිනි.

ඊට පිළිතුරු ලෙස පිටියට බට ශ්‍රී ලන්කන් ලයන්ස් කණ්ඩායම ඕවර පහේ දී කඩුලු 3 ක් දැවී ලකුණු 34ක් පමණක්  ලබා ගත් අතර පී තිබන් ලබාගත් ලකුණු 12 අතරට හතරේ පහරවල් දෙකක් ඇතුළත් විය. ඒ අනුව   එම තරගයෙන් කෝල්ස් කණ්ඩායම ලකුණු 14 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

අනෙක් ක්‍රීඩි පිටියේ අවසන් දෙවැනි තරගය සඳහා කැන්ඩි ඉලෙවන්ස් සහ ලයන්ස් සිසි කණ්ඩායම පිටියට පිවිසියාහ. ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ඉලෙවන්ස්  කාසියේ වාසිය හිමිකර ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදී ඕවර පහේ දී ලකුණු 44 ලබා ගන්නා ලද අතර රශ්මි විසින් ලබාගත් ලකුණු 28 ට හයේ පහර දෙකක් සමඟ හතරේ පහර තුනක් ගැසීය. පිළිතුරු ලෙස පිටියට පිවිසි ශේක්ගේ නායකත්වයෙන් යුත් ලයන්ස් සිසි කණ්ඩායමට ඇතුළතදී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 35ක්  පමණි. ෂේක් හයේ පහරක් සහ හතරේ පහර හතරක් ගැසුවේය. ඒ අනුව ලකුණු 9කින් කැන්ඩි ඉලවන්ස් කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.

රාත්‍රී නවයට පමණ අවසන් මහා තරගය ආරම්භ වූ අතර ඒ සදහා  සදහා සුදුසුකම් ලැබූ කැන්ඩි ඉලෙවන්ස් කණ්ඩායම සහ කෝල්ස් කණ්ඩායම  පිටියට  පිවිස කාසියේ වාසිය ලබාගත් කැන්ඩි ඉලෙවන්ස් කණ්ඩායම ඩිල්ශාන්ගේ නායකත්වයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 45 ක් ලබා ගත්තේය. දැවී ගියේ කඩුලු දෙකක් පමණි.  කෝල්ස් කණ්ඩායමට කඩුලු තුනක් දැවී ලකුණු 33ක් ගත්තේය. නිලම්ගේ හතරේ පහරතුනක් ඊට ඇතුළත් විය. මොහොමඩ් කඩුල්ලක් ලබා ගැනීමට සමත්විය. කැන්ඩි ඉලවන්ස් කණ්ඩායමේ මොහොමඩ් රශ්මි තරගයේ වීරයා විය. තරගාවලියේ වීරයා කෝල්ස් කණ්ඩායමේ මොහොමඩ් නලිම් ලෙස තෝරා ගැනිනි. තරගාවලියේම වැඩිම දක්ෂතා පෙන්වු ලද ක්‍රීඩකයා ලෙස මොහොමඩ් රශ්මි (කැන්ඩි ඉලෙවන්ස් ) ලෙසද නම් කැරිණි.

ත්‍යාග සහ කුසලාන අනුග්‍රාහකත්වය දැක්වූ සෙලාන් බැංකුව,පීසී කාගෝ,යාදී මිඩියා,ගෝල්ඩන් ඩිසයින් යන ආයතන නියෝජිතයෝ ප්‍රදානය කළහ. මෙම තරගාවලිය සංවිධානය කිරීමේදී සෞදි අල්රාජී බැංකුවේ නවරත්නම් මහතාගේ දායකත්වය ලැබී තිබිණ.

DSC_0332 DSC_0346 DSC_0434

 

  



අදහස් (0)

සෞදි - ලංකා ක්‍රිකට් තරගයෙන් 'කැන්ඩි ඉලෙවන්ස්ලාට' ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site