සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සහ සුභ සාදන නිලධාරින් සහ නැගෙනහිර කලාපිය සිවිල් සංවිධාන අතර හමුවක් පසුගිය දා පැවැත්විණ. අල් කොබාර් ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවති තානාපති ජංගම සේවාව අවසන් වීමෙන් පසු ඇරඹි මෙම සාකච්චාවේ ප්‍රධාන තේමාව වුයේ නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවාව සදහා සිවිල් සංවිධාන නිලදාරීන් සහ තානාපති නිලධාරින් ගේ එකමුතුවෙන් ඉදිරිදී ගතයුතු කාර්ය බාරය පිලිබදව සාකච්ඡා කිරීමයි.
රියාද් ප්‍රධාන කාර්යාලයට අභිනවයෙන් පත්ව ආ කම්කරු සහ සුභසාදන කටයුතු උපදේශක (ප්‍රධානි)සුරේෂ් ඉන්දික තිලකරත්න මෙම සාකච්චාවේ ප්‍රධාන දේශක ලෙස පැවසුවේ තානාපති ජංගම සේවාව ඇතුළු අනිකුත් සුභසාදන කටයුතු සදහා ප්‍රධාන මැදිහත්වීමකින් කටයුතු කරන සිවිල් සංවිධාන නිලධාරින් ඇතුළු පිරිසට තම කාර්යාලයේ ප්‍රණාමය පුද කළේය. ඉදිරි කාලයේදීත් නැගෙනහිර කලාපිය ශ්‍රීලාංකික ප්‍රජාව වෙනුවෙන් තම සේවාව පුළුල් කිරීමට සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම හමුව සදහා කම්කරු අංශයේ නිලධාරින් කිහිප දෙනෙකුම සහබාගි වූ අතර සිවිල් සංවිධාන වෙනුවෙන් ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය සහභාගී විය.
සංසදයේ විධායක සභික එල්.එස්. පතිරාජ මහතාද අදහස් දැක්වීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සෞදි තානාපති නිලධාරීහු සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවෙති