IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘සිතන්න‘ රට පුරා

ඡන්ද දායකයින් දැනුම්වත් කිරීම සඳහා  කැෆේ සංවිධානය මෙහෙයවන ‘සිතන්න‘ වැඩසටහන  දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මෙම වැඩසටහන යටතේ  ‘මම පිරිසිදු ඡන්දදායකයෙක්මි‘ මැයෙන් අගෝස්තු 1 සිට 14 දක්වා දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ස්ථාන 74  ක දී  ඡන්ද හිමියන් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරේ .  ඡන්දය දෙන්නේ කෙසේද?  ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු,  දුෂිත නොවූ පිරිසිදු අපෙක්ෂකයින් තෝරා ගැනීම ඇතුළු ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී ක‍්‍රියාත්මක කෙරේ. මීට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අත්‍යවශ්‍ය හැඳුනුම්පත් වර්ග පිළිබද අත්පත්‍රිකා, පෝස්ටර් මෙහි දී බෙදා දීම මෙහිදී සිදුකෙරේ.

උතුර-දකුණ යා කරමින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන අගෝස්තු පළමුවැනිදා හම්බන්තොට නගරයෙන් හා යාපනයෙන් ආරම්භ විය. මේ වනවිට දිස්ත්‍රික්ක 13ක මෙම වැඩසටහන  සාර්ථකව ක්‍රියාත්මක කළ බවත් මෙම වැඩසටහන් සඳහා එක් වු දහස් සංඛ්‍යාත පිරිසක් මෙවර දුෂිත අපේක්ෂකයින්, නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පත්කර නොයවන බවට අත්සන් තබා සහතික වු බවත් කැෆේ සංවිධානය පවසයි.



අදහස් (0)

‘සිතන්න‘ රට පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site