පොලිසිය මගින් දිගින් දිගටම සිදුකරන වැටලීම් නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ නීති විරෝධී මත්පැන් යම් ප්‍රමාණයකට අඩු වී ඇතත් සංචාරක ව්‍යාපාරය නිසා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩිවී ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡාව අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.
සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර මහතා පැවසුවේ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසය තුළ පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව වැටලීම් 615ක් සිදු කර නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසය තුළ සිදුකළ වැටලීම් 334ක් සඳහා ද අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව දැනුවත් කිරීම් වැඩසටහන් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා පැවසීය.
2017 වර්ෂය සඳහා දහම්පාසල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බවත් ඒ සම්බන්ධව වාර්තාව ඉදිරිපත් කරමින් සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
2025 නොවැම්බර් මස 04
669
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරකයන් වැඩි වෙද්දී ගාල්ලේ තිතට මත