(එස්. ඩී.කොඩිකාර)
කඹුරුගමුව ගරාඩුව ශ්‍රී නදීතීරාරාම විහාරස්ථානයේ වසර 100ට වඩා පැරණි සංඝාවාස ගොඩනැගිල්ල අද (10) කඩාවැටීම හේතුවෙන් සාමණේර හිමිනමක් සහ දායක සභාවේ ලේකම්වරයා තුවාල ලබා ඇතැයි කොටවිල පොලිසිය කියයි.
ඔවුන්ව කඹුරුගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා ඇත.
දායකයෙකු අද හීල්දානය සංඝයා වහන්සේ නමකට පූජාකරන අවස්ථාවේ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇත.
සංඝාවාස ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තුවාල ලබා ඇත්තේ 15 හැවිරිදි රන්සෑගොඩ ඤාණරතන හිමියන් සහ ගරාඩුව ප්‍රදේශයේ පදිංචි දායක සභාවේ ලේකම්වරයා ය.
ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර බුදු පිළිමවහන්සේට කිසිදු හානියක් සිදු වී නොමැත.
මෙම ගොඩනැගිල්ල කලක සිට බිත්ති පුපුරා දිරාපත් වී යෑම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති බව දායක සභාව සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංඝාවාසය කඩා වැටී සාමණේර හිමිනමක් - දායකයෙක් රෝහලේ