ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි මයික්‍රෝසොෆ්ට් ආයතනයේ විශේෂ චාරිකාවක අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිරත විය. එහිදී සයිබර් අපරාධ පිළිබද මධ්‍යස්ථාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර එහිදී සයිබර් අපරාධ මර්දනය කිරීම සදහා මයික්‍රෝසොෆ්ට් ආයතනය හදුන්වාදී ඇති ක්‍රමවේදයන් පිළිබදවද සාකච්ජා කරනු ලැබීය. ඊට අමතරව ඩිජිටල් තාක්ෂණය හරහා සයිබර් අපරාධ මැඩලීම සම්බන්ධයෙන් මයික්‍රෝසොෆ්ට් ආයතනය ගෙන ඇති පියවර පිළිබදවද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. එහිදී සයිබර් අපරාධ මැඩලීම සදහා ප්‍රධාන පෙලේ නීති ආරක්ෂක ඒජන්සි වන ඉන්ටර්පෝල්, යුරෝපොල් සහ ඇමරිකාවේ එෆ්බීඅයි වැනි ආයතන සමග එක්ව මයික්‍රෝසොෆ්ට් ආයතනය ගනු ලබන පියවර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජාවට ලක්විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සාගල ඇමරිකාවේ