(අජිත්ලාල් ශාන්තඋදය)
පොතුවිල් ආරුගම්බේ කලපුවට උතුරින් පිහිටි සෙංගමු රජයේ කැලෑවේ ‘ඔරුකමලේ‘කොටස පොතුවිල් ප‍්‍රාදේශීය සභාවට අයත් ඩෝසර් යන්ත‍්‍රයකින් එළිකරමින් සිටි පුද්ගලයෙක් සහ ඩෝසර් යන්ත‍්‍රය අද (25) පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පොතුවිල් ප‍්‍රදේශයේ රජයේ කැලෑ එළිකිරීම, මායිම් ගල් ඉවත් කිරීම ආදිය සිදුකීරීම පුදරුද්දක් ලෙස කරනු ලබන බවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ප‍්‍රාදේශීය සභාවට අයත් ඩෝසර් යන්ත‍්‍රය යොදාගෙන ප‍්‍රාදේශීය සභාවේ සේවය කරන එහි රියදුරා, ඩෝසර් කළ ඉඩමේ යම් කැනීමක් සිදුකිරීමට සූදානම් වෙද්දී පොතුවිල් බීට්ටු නිලධාරීවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහායෙන් මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරු සහ ඩෝසර් යන්ත‍්‍රය හෙට (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රාදේශීය සභාවේම ඉහළ ඉන්න කෙනෙක් ඕක පස්සේ ඇති. රියදුරෙක් ඔච්චර හපන්කම් කරන්න යන්නේ නැහැ නේද ?