IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෙංගමු රජයේ කැලෑව ඩෝසර් කළ අයෙක් අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය)

පොතුවිල් ආරුගම්බේ කලපුවට උතුරින් පිහිටි සෙංගමු රජයේ කැලෑවේ ‘ඔරුකමලේ‘කොටස පොතුවිල් ප‍්‍රාදේශීය සභාවට අයත් ඩෝසර් යන්ත‍්‍රයකින් එළිකරමින් සිටි පුද්ගලයෙක් සහ ඩෝසර් යන්ත‍්‍රය අද (25) පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පොතුවිල් ප‍්‍රදේශයේ රජයේ කැලෑ එළිකිරීම, මායිම් ගල් ඉවත් කිරීම ආදිය සිදුකීරීම පුදරුද්දක් ලෙස කරනු ලබන බවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප‍්‍රාදේශීය සභාවට අයත් ඩෝසර් යන්ත‍්‍රය යොදාගෙන ප‍්‍රාදේශීය සභාවේ සේවය කරන එහි රියදුරා,  ඩෝසර් කළ ඉඩමේ යම් කැනීමක් සිදුකිරීමට සූදානම් වෙද්දී පොතුවිල් බීට්ටු නිලධාරීවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහායෙන් මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකරු සහ ඩෝසර් යන්ත‍්‍රය හෙට (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (1)

සෙංගමු රජයේ කැලෑව ඩෝසර් කළ අයෙක් අත්අඩංගුවට

lalithm Thursday, 26 September 2019 02:47 AM

ප්‍රාදේශීය සභාවේම ඉහළ ඉන්න‍ කෙනෙක් ඕක පස්සේ ඇති. රියදුරෙක් ඔච්චර හපන්කම් කරන්න යන්නේ නැහැ නේද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site