IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් බදුල්ලේ

එෆ්.අස්ලම්

සෞඛ්‍ය සම්පන්න දිවියක් නිසි පෝෂණයක් යන තේමාව යටතේ උපතේ සිට මරණය දක්වා නිරෝගීමත්ව පෝෂණය වියයුතු ආකාරය දැක්වෙන සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් බදුල්ල පළාත් මහ රෝහලේදී අද (23) ආරම්භ විය.

මිනිසෙකු උපතේ සිට මරණය දක්වා පෝෂණය විය යුතු ආකාරය,අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග,රෝග වලින් ආරක්ෂාකාරීවීම, බෝ නොවන රෝග, ඇතුළු සෞඛ්‍ය අධ්‍යාපනික උපදෙස් පිළිබඳ සමාජය දැනුවත් කිරීම මෙහි අරමුණ වී ඇත.

බදුල්ල පළාත් මහ රෝහලේ පෝෂණය හා  සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය හා බෝ නොවන රෝග ඒකකවල සංකල්පයක් මත බදුල්ල පළාත් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ මඟපෙන්වීමෙන් රෝහලේ හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව මෙම සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

මෙම ප්‍රදර්ශනය අද (23) සිට සිකුරාදා (27) දක්වා බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වේ.



අදහස් (0)

සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් බදුල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site