ස්කොට්ලන්ත ප්‍රධාන ඇමතිනි නිකොලා ස්ටේර්ජන් හමුවූ ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝ නායක කඹුරාවල සිරි රේවත හිමියන් බුදු දහම ගැනත් බෞද්ධ භාවනා ක්‍රම ගැනත් ඇයට උපදෙස් ලබා දී ඇත.
ස්කොට්ලන්ත සතිපට්ඨාන භාවනා මධ්‍යස්තානය මඟින් නිකුත්කළ භාවනා අත්පොතක්ද ඇයට පිරිනැමිණි.
සිරි රේවත හිමියන්ගේ මුලිකත්වයෙන් වැඩිහිටියන් සඳහාද පාසල් ළමුන් සඳහාද භාවනා පන්ති පැවැත්වෙයි. මේ සඳහා ස්කොට්ලන්තයේ බැන්ගර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය දුසාන් දොර්ජේ සහ ආචාර්ය ගෙමා ග්‍රිෆිත් සිරි රේවත හිමියන්ට සහාය වෙති.
2001 වසරේදී ආරම්භ වූ ස්කොට්ලන්ත බෞද්ධ විහාරය එරට ඇති එකම ථෙරවාද බෞද්ධ විහාරස්ථානයද වෙයි.එමඟින් එරට වෙසෙන ශ්‍රීලාංකික මෙන්ම අනෙකුත් බෞද්ධ සැදැහැවතුන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉටුකරන අතර බුදුදහම පිලිබඳ උනන්දුවක් දක්වන වෙනත් පිරිස් වෙත අවශ්‍ය දැනුම සපයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම මේ මුළු ලෝකයම පිළිගත් දහමක් (නි)