ඩි.ජී.සුගතපාල
පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුවන් දෙදෙනාට අද සිර දඬුවම් නියම කළේය.
පළමු වැනි විත්තිකරුට මාස හයක සිර දඩුවමක් සහ රුපියල් පන් දහසක දඩයක්ද තුවාලකරුට රුපියල් පනස් දහසක වන්දියක්ද ගෙවිමට නියම කොට සිදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝ කළ විනිසුරුවරයා අධිකරණය මගහැර සිටින දෙවැනි විත්තිකරුට බර පතල වැඩ සහිත වසර 18ක සිර දඩුවමක් සහ රුපියල් පන් දහසක දඩයක් නියම කළේය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඩුවම්ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඩුවම්ද පළමුවන විත්තිකරුට නියම විය
මෙසේ දඬුවම් නියමවුයේ පැස්කුවල් හන්දි සුරාජ් කවින්ද සිල්වා සහ කොග්ගේ ගිහාන් කුමාර යන විත්තිකරුවන් දෙදෙනාටය.
දෙවැනි විත්තකරුවූ කොග්ගේ ගිහාන් කුමාර අපරාධය සිදුවු අවස්ථාවේ සිටම අධිකරණය මගහැර සිටින අතර ඔහුට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන්ද නිකුත් කර ඇති විවෘත වරෙන්තු දීර්ඝ කාලයක් තිස්සේම ක්‍රියාත්මක නොකිරිම පිළිබඳ රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා මහාධිකරණ විනිසුරවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.
වරෙන්තුව ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාට අගෝස්තු දෙවැනිදා අධිකරණයේ පෙනි සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
රත්ගම පොලිස් වසමේ බූස්ස පිටිවැල්ලේදි 2011 ජූලි 24 වැනි දින තිමිර මාලිංග අල්විස් මානවඩු යන අය ඝාතනය කිරිම සහ එම ක්‍රියා කලාපයේදිම දෙනගමගේ ඉන්දික යන අයට තුවාල සිදු කිරිම යන අධි චෝදනා දෙක යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගාලු මහාධිකරණයේ නඩු පවරා තිබින.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරුවකු අත්අඩංගුවට නොගත්තාට රත්ගම ස්ථානාධිපති උසාවි කැඳවයි