ක.ග. කරුණාරත්න
තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ අයෙකු ඇතුළු සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනකු පොළොන්නරුව, කදුරුවෙල නගරයේදී අද (29) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
පොලිසිය සහ යුද්ධ හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොවුහු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
මොවුන් අතරින් එක් අයෙකු කඩුවක් ළඟ තබාගෙන සිටි ආපනශාලා සේවකයෙකි.
කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට සපත්තු වෙළඳාමේ පැමිණි බව කියන මුස්ලිම් ජාතිකයකු අනන්‍යතාව ඔප්පු කිරීමට නොහැකි වීම නිසා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
හැඳුනුම්පතක් නොමැතිව පොළොන්නරුව, කදුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පොලේ රැඳී සිටි අයෙකු ද පොලිස් අත්අඩංගුවට ගත් තිදෙනා අතර වේ.
සැකකරු කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැක කටයුතු සිව් දෙනෙක් කදුරුවෙලින් අත්අඩංගුවට