ක.ග. කරුණාරත්න
තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ අයෙකු ඇතුළු සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනකු පොළොන්නරුව, කදුරුවෙල නගරයේදී අද (29) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
පොලිසිය සහ යුද්ධ හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොවුහු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
මොවුන් අතරින් එක් අයෙකු කඩුවක් ළඟ තබාගෙන සිටි ආපනශාලා සේවකයෙකි.
කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට සපත්තු වෙළඳාමේ පැමිණි බව කියන මුස්ලිම් ජාතිකයකු අනන්‍යතාව ඔප්පු කිරීමට නොහැකි වීම නිසා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
හැඳුනුම්පතක් නොමැතිව පොළොන්නරුව, කදුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පොලේ රැඳී සිටි අයෙකු ද පොලිස් අත්අඩංගුවට ගත් තිදෙනා අතර වේ.
සැකකරු කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd