දකුණු කොරියා රජයේ ආධාර මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කළ ඩිජිටල් වෝහාරික පුහුණු මධ්‍යස්ථානය අද (20) උදෑසන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
වර්තමානයේ සිදුවන අපරාධ මැඩලීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම හා ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම මෙමගින් අපේක්ෂිත කාර්යයන් වනු ඇත.
මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර, දකුණු කොරියාවේ තානාපති, පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම කොරියා රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සහ මෙරට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd