IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


සා.පෙළ මධ්‍යස්ථානවලට අනධ්‍යයන සේවකයින් ගන්නැයි ඉල්ලීමක්

(මොහොමඩ් ආසික්)

මෙවර පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානවල  ශාලා  සහායක තනතුරු  සඳහා දෙපාර්තමේන්තුවේ ස්ථීර ප්‍රාථමික තනතුරුලාභීන් පමණක් බඳවා ගන්නා ලෙස අදාළ ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දෙන ලෙස  අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතාගෙන් ඉල්ලා සිටී.

අධ්‍යාපන අනධ්‍යයන  සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත්  කේ. තිලකරත්න මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ඡධයෙන් පසුගිය වසරවල පවතින අත්දැකීම් අනුව මෙවර මෙය නිවැරැදි කළ යුතු බවයි.  අධ්‍යාපන කෙෂ්ත්‍රයේ අනධ්‍යයන සේවකයින් 30,000 ක් පමණ සිටින බවත් විභාග රාජකාරි වෙනුවෙන්  සහායක  තනතුරු සඳහා අවශ්‍ය වන්නේ 5000 ක් පමණක් නිසාත් එම ප්‍රමාණය දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයින්ගෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.
 
කෙසේ නමුත් පසුගිය වසරවල පවතින අත්දැකීම් අනුව බොහෝ ශාලාධිපතිවරුන් ස්ථිර  රාජ්‍ය සේවයට අයත් නොවන පිටස්තරයින්,ශලාධිපතිවරුන්ගේ දරුවන්,නිවසේ සේවය කරන  මෙහෙකරුවන්,වතු කම්කරුවන් යොදා ගැනීම මෙන්ම කිසිවෙකුත් යොදා නොගෙන ව්‍යාජ ලෙස දීමනා ලබා ගත් අවස්ථාවන්ද තිබූ බව අජිත් කේ .තිලකරත්න මහතා පෙන්වා දෙයි. එබැවින් 2019 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාපෙ විභාග රාජකාරී කටයුතු  විනිවිද භාවයකින් යුක්තව අක්‍රමිකතාවලින් තොරව රාජ්‍ය සේවකයින්ගේ පූර්ණ මැදිහත් වීමෙන් සිදු විය යුතු බැවින් මෙම රාජකාරි සඳහා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් යොදා ගන්නා ලෙස ශාලාධිපතිවරුන්ට උපදෙස් ලෙන ලෙසයි.



අදහස් (1)

සා.පෙළ මධ්‍යස්ථානවලට අනධ්‍යයන සේවකයින් ගන්නැයි ඉල්ලීමක්

asiri Friday, 29 November 2019 05:07 AM

අපෝ මෙයාලා මෙතනට ඇවිත් අයිස් ගහලා සල්ලි හොයන්න ලෑස්තිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 418 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 206 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1914 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site