IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රීපාද වන්දනා සමයේ නුසුදුසු ආහාර අලෙවි කළැයි 20කට නඩු

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)


අවසන්වූ ශ්‍රීපාද වන්දනා සමයේ වන්දනාකරුවන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ආහාරපාන අලෙවි කිරීමේ චෝදනාව යටතේ වරදකරුවන් වූ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ හතළිස්එක්දාහක (141,000/-) ක දඩ මුදලක් රජයට අයකර දී ඇති බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සෝමදාස මහතා පැවසීය.


නල්ලතන්නිය නගරයේ සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ “ඉදිකටුපාන” දක්වාත්, මස්කෙළිය, ලකඹේ හා සාමිමලේ (නිශ්සංක උයන) යන ප්‍රදේශවල ශ්‍රීපාද වන්දනා සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායම් කීපයක් විසින් වරින් වර හදිසි වැටලීම්  32 ක් සිදුකර  හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරණු ලැබූ බවත්, එයින් නඩු 12 ක් මේ වන විට විභාගයට ගැනීමට නියමිත බවත් ඔහු  පැවසීය. 


මෙම  වැටලීම් වලදී ආහාර වැටලීම් 06 ක් සිදුකර ආහාර සාම්පල් 22 ක් ලබා ගත් බවත්, එහිදී සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් විකිණීම සඳහා තිබූ ආහාර  වර්ග කිලෝ 1000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන විනාශ කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා  සඳහන් කළේය.


කල් ඉකුත්වූ පැණි බීම, පුස් බැඳුණු මස්කට්, දොදොල් ඇතුලු රසකැවිළි, ලේබල් වැරදි, ශීතකරණවල ගබඩා කළ යුතු ආහාර වර්ග පිටතින් ගබඩා කිරීම යන වැරදි යටතේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ශ්‍රීපාද වන්දනාකරුවන්ට ආහාර පාන අලෙවි කළ වෙළෙන්ඳන් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 
 



අදහස් (0)

ශ්‍රීපාද වන්දනා සමයේ නුසුදුසු ආහාර අලෙවි කළැයි 20කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site