IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට සහ මන්ත්‍රීවරියකට දැඩි අවවාද

(හොරොව්පොතාන පැතුම් දර්ශන)

ඉඩම් ගැටලු විසඳීම සඳහා සංවිධානය කර තිබූ ඉඩම් කච්චේරියකට පැමිණ ග්‍රාම නිලධාරිනියන් දෙදෙනෙකුට බලපෑම් කළ බව කියන හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට සහ මන්ත්‍රීවරියකට අද (18) දැඩි ලෙස අවවාද කළ බව හොරොව්පොතාන පොලීසිය කියයි.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිළධාරිනියන් දෙදෙනෙකු විසින් ඊයේ (17) කළ පැමිණිල්ලක් අනුව මෙලෙස අවවාද කළ බව පොලිසිය වැඩිදුරටත් කියයි.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීම සඳහා ඊයේ (17) හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම ඉඩම් කච්චේරිය සංවිධානය කර තිබී ඇති අතර ඒ සඳහා කොට්ඨාශයේ දහසකට ආසන්න ජනතාවක් සහභාගී වී තිබේ.

ඉඩම් ගැටලු විසඳා ගැනීම සඳහා පැමිණි තම පාක්ෂිකයන්ට ප්‍රමුඛස්ථානය ලබා නොදුන් බව පවසමින් අදාළ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය තමන්ට බැන වැදුන බව ග්‍රාම නිලධාරිනියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

බලපෑම් කළ බව කියන මන්ත්‍රීවරියගේ පියා අවස්ථා දෙකකදී පැමිණ පිරවූ අයදුම්පත් සහිත ෆයිල් එකක් ගෙනැවිත් එහි වැඩ කටයුතු ඉක්මණින් කරදෙන ලෙස තමන්ට බලපෑම් කළ බවත් එය එසේ සිදුකළ නොහැකි බව තමන් පැවසූ විට අදාල මන්ත්‍රීවරිය පැමිණ අයදුම්පත්‍ර මේසය මතට දමා ගැසූ බවත් එක් ග්‍රාම නිලධාරිනියක් කළ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

තම පාක්ෂිකයෙකු බව කියන පුද්ගලයෙකු සමඟ පැමිණි ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඉක්මණින් වැඩේකරලා දෙන්න යැයි පවසමින් තමාට බැණ වැදුණු බව අනෙක් ග්‍රාම නිලධාරිනිය විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පාර්ශව දෙකම පොලිසියට කැඳවූ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා මන්ත්‍රීවරයාට සහ මන්ත්‍රීවරියට දැඩි ලෙස අවවාද කොට ඇත්තේ නැවත එවැනි හැසිරීම් සිදු නොකරන ලෙසත් මහජන නියෝජිතයින් ලෙස ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් පවසමින්ය.



අදහස් (1)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට සහ මන්ත්‍රීවරියකට දැඩි අවවාද

Raveendra Saturday, 18 January 2020 09:06 AM

අප විස්වාස කරනවා මෙම මන්ත්‍රීන් දෙදෙනාම තාම පාසල් යන වයසේ පසුවෙන අය විය යුතු බව. සාමාන්‍යෙයන් අවවාද දිය යුත්තේ වැඩිහිටියන් විසින් විශේෂයෙන් දරුවන් හෝ පාසල් යන වයසේ අයට බැවිනි. පොදුජන පෙරමුණේ ලොක්කන් යයි කියාගන්න දේශපාලුවන්ගෙන් අපි මෙසේ විමසීමට කැමැත්තෙමු. කොහේ තියෙන නීතියක්ද තම පාක්ෂිකයන්ගේ වැඩ කරදෙන ලෙස බල කිරීමට ??? " නිල් කොළ, රතු යන ගොන් තකතීරු පක්ෂවල පාක්ෂිකයන් යයි කියන ගොට්ටන් මණද මේ රටේ ජීවත්විය යුත්තේ " ? කිසිදු ගොන් තකතීරු පක්ෂයකට ගැති නැති මිනිසුන්ට මූදට පනින්නද "මේ ගොන් හරකුන් " කියන්නේ ?? එලෙසම අප තරයේ විස්වාස කරනවා මෙවන් නිවට මහජන නියෝජිතයන්ට අවවාද කිරීමෙන් කිසිදු පලක් නැති බවත් රජයේ බෝඩිමට නිවාඩු ගතකිරීමට මෙම අය යොමුකිරිම පුරවැසියන්ට කරන මහගු සේවයක් බවය. රටේ මුල් පුරවැසියාට මෙවන් හාරත බුරුවන්ගේ නපුන්සක වැඩ පිළිබදව අවධානය යොමු වේවා!! මෙම අදහස්ද ඔහොටම කියවීමට හැකිවේවා !!! පාක්ෂිකයන් යයි කියනා පාදඩ වචනය නුදුරු අනාගතයේදීම අර්ථ ශුන්‍ය වේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site