හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළඳසැල් වලට වහලයෙන් රිංගා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු නොවැම්බර් 8 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අද (30) නියෝග කළාය.
මෙසේ බන්ධනාගාර ගත කළේ ආණමඩුව, පුත්තලම ඇතුළු ස්ථාන ගණනාවක වෙළසැල්වල මුදල් සහ විවිධ භාණ්ඩ සොරකම් කිරීමෙහි නිරත වූ 57 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ආණමඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අදාළ සැකකරුව පසුගිය 28 දින අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් වසර 13 ක් සිරදඬුවම් ලැබ සිටි සැකකරු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිර දඬුවමින් නිදහස් වී මාසයක් පමණ ගතවී තිබූ බවත් පසුව මුන්දලම ප්‍රදේශයේ ඥාතියකුගේ නිවසේ රැඳී මෙම සොරකම් සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වහලෙන් රිංගා වෙළඳසැල්වලින් බඩු සොරා ගත් අයෙක් රිමාන්ඩ්