(ශාන්ත චන්ද්‍රසිරි)
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 337 ක පුද්ගලයන් 1316 ක් අද (22) දහවල් වන විට අවතැන්ව ඇතැයි නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.
නිවාස හතරක් සම්පුර්ණයෙන් හානියට ලක්ව ඇති බවත් තවත් නිවාස 77 ක් අර්ධ හානියට ලක්වී තිබේ.
අවතැන්වුවන් සඳහා දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල අවතැන් කඳවුරු 10 ක් ස්ථාපිත කර තිබු බවත් එම අවතැන් කඳවුරු ප්‍රමාණය ඊයේ (22) දහවල් වන විට අටක් දක්වා අඩු කිරීමට හැකියාව ලැබී ඇතැයිද ඔහු පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කර ඊට සුදානම් කර ඇති බවද එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd