කාංචන කුමාර ආරියදාස
අධික වැසි සහිත කාලගුණයෙන් ගලේවෙල සහ දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශවල ගොවීන්ගේ වගා කටයුතු සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ගොවිජන සේවා නිලධාරීහු පවසති.
එම ප්‍රදේශවල ගොවීන් 440 දෙනෙකු වගා කළ අක්කර 623 ක් විනාශ වී ඇතැයි ඔවුහු පවසති.
දඹුල්ල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි එච්. එම්. සෙනවිරත්න මහතා කියා සිටියේ දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් 380කගේ අක්කර 401ක ප්‍රමාණයක ලොකු ලූණු වගා විනාශ වී තිබූ බවයි.
මෙම ගොවීන්ට වන්දි ලබාගැනීම සඳහා මේ වනවිටත් සියලු ලියකියවිලි සකසා අවසන් බව දඹුල්ල සහ ගලේවෙල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd