IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් ගාල්ලේ පීඩාවට පත්වූ සංඛ්‍යාව ඉහළට

(සිරංගිකා ලොකුකරවිට)

හදිසි ආපදා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 23,069 දක්වා ඉහළ ගොස් ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ග්‍රාම නිලධාරී වසම් 377 ක පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 5940 කි. බද්දේගම සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අවතැන් වූ පවුල් 84ක පුද්ගලයන් 274 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන හතරක රඳවා සිටිති.

දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ පීඩාවට පත්වූ සෑම පවුලක් සඳහාම රජයෙන් මූලික දීමනාවක් ලෙස රුපියල් 10,000 බැගින් ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.

අද (26) උදෑසන සිට වැසි රහිත හිරු එළිය සහිත කාලගුණ තත්ත්වයක් දක්නට ඇති අතර ගිං ගඟ ඇතුළු අනෙකුත් ගංඟාවන්හි ජලය බැස යමින් පවතී. පහත් බිම් ප්‍රදේශවල ද වැසි ජලය බැස යමින් තිබෙන අතර මාර්ගවල ප්‍රවාහන කටයුතු ද අද දහවල් වනවිට ආරම්භ වී තිබිණි.

පීඩාවට පත්ව සිටින පුද්ලයන් සඳහා පිසූ ආහාර සහ පානීය ජලය ලබා දීම අඛණ්ඩව සිදුකරන අතර රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමත් වසංගත රෝග පැතිරයාම වළක්වා ගැනීම සඳහාත් විශේෂ වෛද්‍ය කණ්ඩායම් සහ නාවික හමුදාවේ විශේෂ ඒකකයක් යොමු කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් සවස් කාලයේ යළි වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත.

 



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ පීඩාවට පත්වූ සංඛ්‍යාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site