IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැස්සෙන් ගාල්ලේ කතක් මරුට : 274 ක් අවතැන්

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරු වලින් මේ වනවිට කාන්තාවක මියගොස් 6 දෙනකු තුවාල ලබා පුද්ගයන් 274දෙනකු අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ගංවතුර, වැසි ජලය බැස නොයෑම සහ පස්කණ්ඩි කඩාවැටීමෙන් මේ වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක ග්‍රාම නිලධාරී වසම් 188ක පුද්ගලයින් 11,510 දෙනකු පීඩාවට පත්ව සිටී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 2933ක් බවයි. 

නිවාස 19ක් පුර්ණ ලෙස හානියට පත්ව ඇති අතර අර්ධ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 135කි. ව්‍යාපාරික ස්ථාන 22ක් හානියට පත්ව ඇත.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ අවතැන් වූ පවුල් 91ක පුද්ගලයන් 274 දෙනකු සුරක්ෂිත ස්ථාන හතරක රඳවා සිටින බවයි. සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පීඩාවට පත්වූ පවුල් සඳහා සහන සේවා සැපයීමටත් තවදුරටත් කොටු වී සිටින පුද්ගලයින් බේරා ගැනීමටත් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. 

යම් පුද්ගලයකු පීඩාවට පත්ව සිටී නම් ඒ බව ග්‍රාම නිලධාරී හෝ වෙනත් ක්ෂේත්‍ර නිලධාරීවරයකු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙසත් තවදුරටත් ජලගැලීම් සිදුවන ස්ථාන වලින් හැකි ඉක්මණින් ඉවත්වන ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.

පුද්ගලයන් බේරා ගැනීමට සහ සහන සේවා සැපයීම සඳහා නාවික හමුදාවේ සහය ලබාගෙන ඇති බැවින් අනාරක්ෂිත ලෙස ජලය මතින් විකල්ප යාත්‍රා යොදාගෙන ගමන් කිරීම හා ජල ක්‍රීඩාවල නිරත වීම නොකරන ලෙස ද එම මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

එමෙන්ම හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සිටී නම් ඒ පිළිබඳව ද සුවසැරිය ගිලන් සේවයට, පොලිසියට හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

ගිං ගඟ, පොල් අතු මෝදර ගඟ, හෝලුවාගොඩ ඇල, මොරගොඩ ඇල පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර මාර්ගවල රථවාහන ගමනාගමනයට ද බාධා සිදුවී ඇත. ඉදිරි පැය 24කට වැඩි කාලයක් තුළත් අධික වැසි ඇතිවීම හා නායයෑමේ අවදානමක් ඇති බැවින් අවදානම් ප්‍රදේශ වලින් හැකි ඉක්මණින් ඉවත්වන ලෙස ද රජය ඉල්ලා සිටී.



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ කතක් මරුට : 274 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site