IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැස්සෙන් ගාල්ලේ 863 ක් පීඩාවට

(ඩී.ජී.සුගතපාල)
 
දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 36ක පුද්ගලයින් 863ක් අද (23) දහවල් වනවිට පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක විකුමසිංහ මහතා පැවසිය.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ හබරාදුව  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බවද ඒ මහතා පැවසිය. හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 8ක පවුල් 150ක සාමාජිකයින් 431ක් පිඩාවට පත්ව ඇත.

ඉමදුව,අක්මිමණ,අම්බලන්ගොඩ,යක්කලමුල්ල,බද්දේගම,වැලිවිටිය,දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලද පුද්ගලයින් 430ක් පීඩාවට පත්ව සිටිති.

එයට අමතරව ඉමදුව, හබරාදුව, අම්බලන්ගොඩ, යක්කලමුල්ල, බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස පහකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 41ක අර්ධ හානි ද සිදුව තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට වහාම පියවර ගෙන ඇති බවයි.

මේ අතර ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් සහ තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇතැයි දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ දිස්ත්‍රික්කයේ පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට ද බාධා පැමිණ තිබෙන බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කරන ලද රතු නිවේදනයේ සඳහන්ව ඇත්තේ  තවදුරටත් ගාල්ල දිස්ත්‍රික්කයට තදවැසි ලැබීමට ඉඩ තිබෙන බවයි.
 



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ 863 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site