IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වෙසක් සිරියෙන් ලන්ඩනය බැබළෙයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලගේම  මෙවර වෙසක් පොහෝ දිනය වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබුණි. ඒ සඳහා ශ්‍රී ලාංකික, ඉංග්‍රීසි මෙන්ම අනෙකුත් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුහ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් පුන් පොහො දිනයේදී විහාරස්ථ රාහුල දහම් පාසලේ දරුවන් සඳහා විශේෂ වෙසක් වැඩසටහනක් ද පසුදින වැඩිහිටියන් සඳහා වෙන්වුන වැඩසටහනක්ද පැවැත්විණි.

පින්කම් සංවිධානය කර තිබුනේ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ත මහා සංඝරත්නයේත් දායකකාරකාදීන්ගේ සහභාගිත්වයෙනි.

ළමා වෙසක් වැඩසටහන පැවැත්වුනේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය තවලම බන්දුල හිමියන්ගේ මුලිකත්වයෙන් සහ අනෙකුත් මහා සංඝරත්නයේත් දහම් පාසල් ගුරු මණ්ඩලයේත් දෙමාපියන්ගේත් සහායෙනි.

22 වන ඉරිදා වැඩිහිටියන් සඳහා පැවැත්වුන වැඩසටහන ආරම්භකෙරුනේ එක්සත් රාජධානියේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසින් මහ සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කරද්දී විහාරභුමියේ පිහිටි කුඹ ගසෙහි බෞද්ධ කොඩිය එසවීමෙනි. එදින 200 කර අධික සැදැහැවතුන් පිරිසක් අටසිල් සමාදන් වුහ. දවස් පුරාවටම පැවැත්වුන වැඩ සටහනට බුද්ධ වන්දනා, භාවනා. ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ භක්ති ගීත ගායනා ඇතුලත් විය. එදින පින්කමෙහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සරේ විශ්ව විද්‍යාලයේ දර්ශන විද්‍යාව පිලිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට් විසිනි.  ඔහු සතිපට්ඨාන භාවනාවෙන් වත්මන් සමාජයට ලබාගත හැකි ප්‍රයෝජන සාකච්චා කළේය.

කින්ග්ස්බරිහි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම පැවැත්වුනේ 22 වන ඉරිදාය. විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ සහ විහාරස්ත මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් දවස පුරාවටම විශේෂ වැඩසටහන් පැවැත්වුනි. ඒ සඳහාද අතිවිශාල සැදැහැවතුන් පිරිසක් සහභාගිවුහ. ප්‍රධාන ධර්මදේශනය පැවැත්වුයේ පුජ්‍ය ආචාර්ය කබලැවේ සිරිසුමන හිමියන් විසිනි.

පිංකම අවසානයේදී දහම් පාසලේ දරුවන් විසින් භක්ති ගී ගායනයක් ඉදිරිපත් කළ අතර විහාර දායක සභාවෙන් බත් දන්සැලක්ද සංවිධානය කර තිබුණි. සද්දාතිස්ස දහම් පාසලේ දරුවන් වෙනුවෙන් වෙසක් පුන් පොහොය දින විශේෂ දහම් වැඩ සටහනක් පැවැත්වුනි.

මේඅතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින්ද වෙසක් පොහොය වෙනුවෙන් පරිත්ථාන ධර්මදේශනයක් සහ හීල් දානමය පින්කමක් සංවිධානය කරනු ලැබිය. මෙම පිංකම සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය 30 නමක් සහභාගිවුහ. 



අදහස් (0)

වෙසක් සිරියෙන් ලන්ඩනය බැබළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 617 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2306 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1716 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site