(බිඟුන් මේනක ගමගේ)
වෙසක් සමයේ දකුණු පළාතේ මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් වෙළෙඳාමේ නිරත වූ පුද්ගලයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච්.ජී.සුමනසිංහ මහතාගේ උපදෙස් මත දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ගාල්ල, මාතර, දික්වැල්ල, වැලිගම, යක්කලමුල්ල හා හබරාදූව යන ප්‍රදේශවල මෙම වැටලීම් කර ඇත.
හෙරොයින්, ගංජා, කසිප්පු, සයිඩර් හා අරක්කු යන මත්ද්‍රව්‍ය හා මත්පැන් වෙළෙඳාමේ නිරතවූවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර වෙසක් උත්සව සඳහා මත්පැන් සැපයීමට ළඟ තබාගෙන සිටි පිරිසක් ද ඔවුන් අතර වන බව එම නිලධාරියා කීය.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙරොයින් හා ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන්ගේ ඥාති පිරිසක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට පැමිණ එම නිලධාරීන්ට ස්තුති කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගාල්ල හා මාතර අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd