(රොමේෂ් මධුෂංඛ)
නිසි කාලයට වැසි නොලැබීම නිසා වව්නියාව දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න මෙට්ට්‍රික්ටොන් 45,000ට ආසන්න ප්‍රමාණයක්ම අඩුවී ඇති බවට වව්නියාව දිසාපති සෝමරත්න විධානපතිරණ මහතා පැවසීය.
වව්නියාව දිස්ත්‍රීක්කයෙන් වාර්ෂිකව වගා කෙරෙන කුඹුරු අස්වැන්න දළ වශයෙන් මෙට්ට්‍රික්ටොන් 72,727 ක් වුවද මෙවර මාස් කන්නයේ බලාපොරොත්තු විය හැක්කේ මෙට්ට්‍රික්ටොන් 27,738 ක් බවත් ඇතැම් විට එය තවත් අඩු විය හැකි බවත් දිසාපතිවරයා සදහන් කළේය.
වව්නියාව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වශයෙන් කුඹුරු හෙක්ටයාර් 19,810 ක් වගා කෙරෙන නමුත් මෙවර වගා කිරීමට හැකි වුනේද 12,080 ක් පමණක් වූ අතර හෙක්ටයාර් 7730 ක් වගා කිරීමට නොහැකි වී ඇත්තේ වැව්හි ප්‍රමාණවත් ජලය නොමැති වීම හා වර්ෂාව නොලැබීම යන හේතු නිසා බව දිසාපතිවරයා වැඩිදුරටත් සහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd