IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වොෂින්ටන් මහමෙව්නා අසපුවත් වෙසක් සිරිය ගනී

ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පුන් පොහොය නිමිති කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර  මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරන්නට යෙදුණ වෙසක් මංගල්‍යය 21 වැනි සෙනසුරාදා සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා අසපු භූමියේ දී පැවැත්විණි. 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරගනිමින් සිදුකළ මෙම අසිරිමත් පින්කම් මාලාව තෙමඟුල් වන්දනාව, බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරථී බුදු ගුණය නිරූපණය වන වෙසක් තොරණ,  පහන් කූඩු, වෙසක් දන්සැල, ස්වර්ණමාලී මහ සෑ වරුණ ආදී නොයෙක් අංගයන්ගෙන් සමන්විත විය. සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සිදුකළ කිරි ආහාර සම්බුද්ධ පූජාවෙන් අවසන් වූ  මෙම අසිරිමත් පින්කම් මාලාවට 200 කට අධික සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ. 

මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේලාගේ මෙහෙය වීමෙන් සිදුකළ පින්කම් සියල්ල අවසානයේ ලංකාවේ ගංවතුරෙන් හා නාය යෑමෙන් අවතැන් වී සිටින සියලුම දෙනා වෙනුවෙන් සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ද දියත් කෙරිණි. වෙසක් පින්කමෙන් රැස් වූ එම තොරතුරු අසා දැන සම්බන්ධ වූ සියලු දෙනාටම සතුටින් මෙම පින් අනුමෝදන් කරගනිමින් සුවපත් ජීවිත ගත කිරීමටත් අමා මහා නිවනින් සැනසීම උදාකර ගැනීමටත් හැකිවේවායි පිංකම අවසානයේ පුණ්‍යානුමෝදනා කෙරුණි.

2[1] 3[2] 4[1] 5[1] 6[1] 7[1]



අදහස් (0)

වොෂින්ටන් මහමෙව්නා අසපුවත් වෙසක් සිරිය ගනී

සුනිල් පෙරේරා Wednesday, 25 May 2016 10:03 AM

මට නම් හරිම සතුටු දෙයක් , මමද 1993 සිට 1995 දක්වා වොෂිංටන් පන්සලට ගිය කෙනෙක් දැන්නම් ඉන්නේ ශ්‍රී ලංකාවේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site