(දියතලාව - ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරයේදී බණ්ඩාරවෙල පොලීසිය විසින් අද (30) උදැසන 4.00 සිට 6.00 දක්වා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
අධික ලෙස බීමත්ව රථවාහන ධාවනයේ යෙදීම බීමත්ව අශෝබන ලෙස හැසිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි අතුල ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි බී.එම්. දසනායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන් විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd