(අශෝක තිලකරත්න)
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක සේවයේ නියුතු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ නේවාසිකාගාරය විශේෂ සෝදිසියකට ලක් කිරීමේදී ගමන් මල්ලේ සහ සපත්තුවේ කේරළ ගංජා ග්‍රෑම් 22ක් සඟවා ගෙන සිටි කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ නිලධාරීයෙක් පැවැසීය.
අත්අඩංගුවට පත් සැකකාර කොස්තාපල්වරයා අඟුණකොළපෑලැස්ස පොලිසිය වෙත බාර දී ඇති අතර පොලිසිය විසින් ඔහු අද (06) පෙරවරුවේ අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරියේ නියුතු විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක මඩපාත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගංජා සමඟ මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරයෙක් ගංජා සමඟ අත්අඩංගුවට