IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විශේෂ අවශ්‍යතා ඇති දැරියක අපයෝජනය කළ අයට සිර දඬුවම්

(ඔගස්ටින් ප්‍රනාන්දු)       
           
විශේෂ අවශ්‍යතා සහිත බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත පවරා තිබූ නඩුවකට වරදකරු වූ පුද්ගලයකුට හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මහත්මිය බරපතල වැඩ සහිතව වසර 40 ක සිර දඬුවමක් අද (1 7) දහවල් නියම කළාය.
 
ඊට අමතරව සැකකරුට රුපියල් 40,000ක දඩයක් ද නියම කළ අතර දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව බරපතල වැඩ සහිතව තවත් වසරක කාලයක සිර දඬුවමක් ද, මීට අමතරව වන්දියක් වශයෙන් දැරියට ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසත් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළාය.
 
හලාවත මහාධිකරණ බල සීමාවේ දි 2010 වසරේ මැයි මස 7 වන දින හෝ ඊට ආසන්න දිනයක දි සැකකරු මෙම අපරාධය කර තිබු බවට චෝදනා එල්ල වි තිබුණි.
 
මෙසේ සිර දඬුවම් නියම වූයේ හලාවත ඉරණවිල සමිදුගම පදිංචි වර්ණකුලසුරිය ඇන්ටනි ජානක ප්‍රනාන්දු ( 47 ) නමැති දෙදරු පියෙකුටය.
 
එම දැරිය සිය නිවසේ නිදාගෙන සිටියදී රහසේ කාමරයට ඇතුළු වී ඇය අපයෝජනය කර පලාගොස් ඇතැයි සාක්කිවලින් අනාවරණය වී ඇත.
 
රජයේ අධිනීතිඥ අසංක මෙන්ඩිස් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ සුජිත් ප්‍රියංකර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (0)

විශේෂ අවශ්‍යතා ඇති දැරියක අපයෝජනය කළ අයට සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site