(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර - වේවැල්වත්ත මාර්ගයේ ගලබඩ දෙමළ විද්‍යාලයට පහළින් පිහිටි ගලබඩ සිල්වලෑන්ඞ් නොම්මර හය කොටසේ නිවාස 71ක පවුල් 83ක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද (17) නියෝග කළා ය.
රත්නපුර දිස්ත‍්‍රික්කයට වරින්වර ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මෙම ප‍්‍රදේශය නායයාමේ දැඩි අවදානමකට ලක්ව ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ දැනුම්දීමක් මත මෙම පිරිස ඉවත් කිරීමට නියෝග කර ඇත.
වේවැල්වත්ත මාර්ගය පුළුල් කිරීමේ කොන්ත‍්‍රාත් කටයුතු කළ සමාගමේ කාර්යාල තිබූ ගොඩනැගිලි පිහිටි ස්ථානයේ ඔවුන්ට මෙසේ තාවකාලිකව නවාතැන් සැපයීමට පියවර ගත් බව රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් සී.එම්. කෝට්ටවත්ත මහත්මිය පැවසුවාය.
ගලබඩ වත්තේ පාලනාධිකාරිය විසින් මෙම පිරිස් තාවකාලික නවාතැන් ස්ථාන වෙත ප‍්‍රවාහනය කිරීමට වාහන පහසුකම් සපයනු ලැබිනි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වේවැල්වත්ත පවුල් 83ක් ඉවත් කෙරේ