(සිතුම් චතුරංග)
වවුනියාව විදුලි බල මණ්ඩලයේ අධිකාරීවරයකු ඇතුළු සේවකයින් පස්දෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් දෙදෙනකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව දිසා විනිසුරු එම්.එම්.රියාස් අද(08) නියෝග කළේය.
එලෙස බන්ධනාගර ගතකෙරුණේ වවුනියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි නමගිය දාමරිකයකු වන කුලසිංහම් ජොන්සන් හෙවත් ‘රංජා‘ නැමැත්තා සහ ඔහුගේ සහයකයින් දෙදෙනකුවූ පාණ්ඩියන් ප්‍රතාප් හා එඩ්වන්නාදන් දිනේෂ් යන අයය.
පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවේ සිටින සෙසු සැකකරුවන් 13 දෙනා සමඟ මෙම තිදෙනාද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
පොලිසිය මඟහරිමින් සිටි ප්‍රධාන සැකකරු නීතිඥවරයකු සමඟ අද උදෑසන අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබීය.
ප්‍රධාන සැකකරුට එරෙහි විවිධ පුද්ගලයින්ට පහරදීම්, අඩත්තේට්ටම් කිරීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නඩු රාශියක් පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
විදුලි බිල්පත් නොගෙවූ වවුනියාව, ආච්චිපුරම්, දහවන පටුමඟහි නිවාසක ඉකුත් 04 වැනිදා විදුලිය විසන්ධි කිරීමට යාමේදී රංජා නැමති ප්‍රධාන සැකකරු තවත් කිහිපදෙනකු සමඟ එක්ව මෙම පහරදුන් බවත්, මේ හේතුවෙන් තුවාල ලැබූ වවුනියාව විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයා ඇතුළු සේවකයින් වවුනියාව රෝහල වෙත ඇතුලත් කර ඇති බවත් පොලිසිය කියයි.
වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වවුනියාව ලංවිම සේවකයන්ට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්