වවුනියාවේ ඉදිකළ නව බස්නැවතුම්පල වෙත ලංගම සේවකයින් තම බස්රථ රැගෙන යෑමේදී පෞද්ගලික බස් රියදුරන් හා සේවකයින් පහරදෙන බැවින් එම පහරදීම් වළක්වා ගැනීම සඳහා පොලිසිය මැදිහත්ව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (2) උතුරු පළාතේ ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක නිරත වූහ.
වවුනියාව, මන්නාරම , මුලතිව්, කිලිනොච්චිය හා යාපනය දිස්ත‍්‍රික්කවල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දෛනික ගමන්වාර වලින් වැළකී වවුනියාව ලංගම සේවකයින් වෙත සහය පළ කරමින් වැඩවර්ජනයේ නිරතව සිටිති.
උතුරු පළාත තුළ ධාවනය වන බස්රථ වෙත ද පෞද්ගලික බස්රථ සේවකයින් පහරදීම් කරන බවත් එම සිද්ධීන් පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීමේදී පහර කෑ ලංගම බස් රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණ ක‍්‍රියාමර්ග ගන්නා ක‍්‍රියා පිළිවෙතක් උතුරේ පොලිස් නිලධාරීන් කරගෙන යන බවත් එයට විරෝධය දක්වමින් ද ලංගම සේවකයින් වැඩවර්ජනයේ නිරතවන බව ලංගම සේවකයෝ පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වවුනියාවේ ලංගම බස් වලට පෞද්ගලික අංශයෙන් ප්‍රහාර
දසුන් Friday, 03 February 2017 03:29 AM
මෙයාලා බබාලානේ. අපි දන්නේ නැද්ද මෙයාලා ගැන? වෙනත් අය සමඟ ගැටුම් ඇති කරගෙන බොරුවට සති ගණන් රෝහල් වල නවතිනවා. (නි)
ෆ්‍රෑන්ක් Thursday, 02 February 2017 07:52 PM
එහෙනම් උතුරින් එන එකම බස් එකකටවත් පහළට එන්න දෙන්නත් හොඳ නැහැනේ (නි)