(රොමේෂ් මධුෂංඛ)
වවුනියාවේ කල්මඩු රක්ෂිතයේ පවත්වාගෙන ගිය දැව ඉරණ නීතිවිරෝධී ස්ථානයක තිබියදී බුරුත ලෑලි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලීසිය පවසයි.
ඉරණ ලද බුරුත ලෑලි තොගය ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථය පොලිස් බාරයට ගෙන ඇත.
මෙම බුරුත දැව තොගය යාපනයේ වඩුමඩුවක් වෙත රැගෙන යාමට උත්සහ කරමින් සිටි බවත් ඊච්චන්කුලම පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.
දැව තොගය වව්නියාව වනසංරක්ෂණ කාර්යාලයට ලබා දීමට පියවර ගෙන ඇති බවත් සැකකරු අද (2) වවුනියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd