(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව කුඩාකච්චකොඩිය තෝනික්කල් ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ විනාශ වී ඇතැයි කුඩාකච්චකොඩිය ප්‍රදේශවාසීහු පවසති.
තෝනික්කල් රක්ෂිතයේ ඇති වූ ගින්න පිළිබඳව කුඩා කච්චකොඩිය පොලීසියට ප්‍රදේශවාසීන් විසින් දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් වව්නියාව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට දැනුම් දී ගින්න මැඩපැවත්වීමට පියවර ගැණිනි.
ප්‍රදේශයේ පැවති වියළි කාලගුණය හේතුවෙන් ගින්න ඝීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර ප්‍රදේශවාසීන් හා පොලීසියේ ද සහය ඇතිව ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩ පැවත්වන විටද රක්ෂිතයේ අක්කර 5 ක් පමණ ගිනි ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd