සිතුම් චතුරංග
වවුනියාව , සමනම්කුලම ප‍්‍රදේශයේ ගොවිපොළක ඇතිවූ ගින්නකින් එම ගොවිපලේ සිටි සතුන් විශාල ප‍්‍රමාණයක් හා බෝග වගාවන් විනාශවී ඇති බව වවුනියාව පොලිසිය කියයි.
සමනම්කුලම ප‍්‍රදේශයේ පෞද්ගලික ගොවිපොළක් ලෙස පවත්වාගෙන යන අතර කිසිවෙකු විසින් ගොවිපොළක ආසන්නයේ කැළෑ ප‍්‍රදේශයක් ගිනි තැබීමෙන් මෙම ගිනිගැනීම හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ගින්නෙන් ගොවිපලේ විශාල ගොඩනැගිලි දෙකක් හා එළුවන් , හාවුන් , තාරාවුන් ඇතුළු සතුන් 20කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර එහි තිබූ දෙමුහුන් පොල්පැළ 55 ඇතුළු වගාවන්ට ද හානි සිදුව තිබේ.
ගින්න සම්බන්ධයෙන් හම ගොවිපලේ කළමණාකාරිණිය වූ සෙල්වරාසු දර්ශණි නැමැත්තිය විසින් වවුනියාව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.
ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු වී නොමැති බවත් ගොවිපොළේ දේපල වලටද විශාල හානියක් සිදුව ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd