(සිතුම් චතුරංග)
හිටපු කොටි සාමාජිකයකු වූ ‘තේවියන්’ නැමැත්තාගේ වවුනියාව උක්කුලාන්කුලම පිහිටි ඉඩම තුළ සඟවා ඇති බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය සොයා වවුනියාව ආරක්ෂක අංශ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (13) කැණීම් ආරම්භ කරනු ලැබීය.
කොටි සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා සුන්දරලිංගම් ගජීපන් හෙවත් තේවියන් ක‍්‍රියාකරමින් සිටියදී ආරක්ෂක අංශ සමඟ නෙදුන්කර්ණි කැළෑ ප‍්‍රදේශයක සිදුවූ වෙඩි හුවමාරුවකින් 2014 වසරේ දී ජීවිතක්ෂයට පත්විය.
කොටි සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා ක‍්‍රියා කළ තේවියන් නැමැත්තාගේ නිවස පිහිටි ඉඩම තුළ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ආරක්ෂක අංශ වෙත ලැබුණ තොරතුරකට අනුව වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ කැණීම් ආරම්භ කළේය.
කොටි සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා එක්රැස් කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඉඩමෙහි පවතින බවට සැක මතුවීම හේතුවෙන් ද කැණීම් ආරම්භ කළ බවයි.
පැය දෙකකට ආසන්න කාලයක් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් තේවියන් නැමැත්තාගේ නිවස පිහිටි ඉඩමෙහි සැක කටයුතු ස්ථාන හතරක් කැණීම් කරනු ලැබීය.
කැණීම් කළ ස්ථානයන් හි කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමුනොවීම හේතුවෙන් වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ කැණීම් කළ ස්ථාන වසා දැමීමට ආරක්ෂක අංශ ක‍්‍රියාකරනු ලැබිණි.
වවුනියාව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාව ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සොයා කැණීම්