IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


වැව් ප්‍රතිසංස්කරණයට කෘෂි අමාත්‍යංශයෙන් මිලියන 6000 ක්

(මනෝජ් හර්ෂික)
 
වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිමාර්ග සංවර්ධනය හා ඇළවේලි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් 2019 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 6,000ක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (21)  පැවැසීය.

 “සංවර්ධන ව්‍යාපෘති සියයක්” වැඩසටහන යටතේ ඉදිකරනු ලබන අනුරාධපුර ගල්පාලම අසළ පාලමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයෙන් පසු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අපි මෙම වර්ෂය තුළ වැව් 700ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමටත් කුඩා ඇළවේලි, කෘෂිමාර්ග නවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, මොනරාගල, කුරුණෑගල ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කිහිපයකට මෙම සංවර්ධන කාර්යයේදී ප්‍රමුඛස්ථානය දීමටත් කටයුතු කරනවා.

ගිය වසරේදී සංවර්ධන ව්‍යාපෘති 1100ක් පමණ සිදු කළා. මෙවරත් වර්ෂයේ අවසානයට පෙර ගොවීන් බලාපොරොත්තු වන නවීකරණ කටයුතු සිදුකර කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා මෙම ව්‍යාපෘති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා සිදුකරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.



අදහස් (0)

වැව් ප්‍රතිසංස්කරණයට කෘෂි අමාත්‍යංශයෙන් මිලියන 6000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site