( ප්‍රසාද් මුතුකඩ )
නුගේගොඩ පෞද්ගලික සත්ත්ව රෝහලක ගිලන් රථයකින් පැමිණි විදේශිය කාන්තාවන් දෙදෙනකු ඇතුළු කණ්ඩායමක් සැක කටයුතු අයුරින් කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ සුනඛයින්ට එන්නත් කරමින් හා රුධිරය ලබාගත් බවට වාර්තා විය.
ලැබුණ තොරතුරක් මත එහි ගිය මාධ්‍යවේදියකු එම සිද්ධිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර ඔහු කළ විමසීමකදී එක් පුද්ගලයකු පවසා ඇත්තේ තමන් කටාන සෞඛ්‍ය කාර්යාලයේ බවත් ජළභීතිකාව සඳහා සුනඛයින් ට එන්නත් කිරීමට පැමිණි බවත් ය.
ඒ පිළිබඳව විඩියෝ කිරීම තහනම් බව පවසමින් මාධ්‍යවේදියාට බාධා කර සුනඛයින් දෙදෙනකු කූඩුවක් නොමැතිවම ගිලන්රථයට දමා ගෙන ඔවුන් කඩිනමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
සුනඛ ප්‍රතිකාර කටයුත්තක් සදහා මීගමුව කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයට පැමිණි පිරිස පිළිබදව තමන් ඇතුළු මහජන සෞඛ්‍ය නිලධාරින් දැනුවත් වී නොමැති බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුරේනි හපුආරච්චි මහත්මිය පැවසුවාය.
එවැනි කටයුත්තක් තම ප්‍රදේශයේ සිදුවන්නේ නම් කොළඔ පළාත් සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ගම්පහ කාර්යාලයට ඒ ගැන දන්වන බවත් ඉන්පසුව පළාතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හරහා සම්බන්ධීකරනය කෙරෙන බවත් ඒ මහත්මිය කීවාය.
මෙය අවසරයකින් තොරව කරන ලද්දක් බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශිය කුමන්ත්‍රණයක් දැන් සිදුවන්නේ නොදන්නා අලුත් ලෙඩ බල්ලෝ හරහා බෝවී සිංහල මිනිස්සු මරණයට යාමයි. සිංහල මිනිස්සු සුළු ජාතියක් වෙනවා.
ජළභීතිකාව සඳහා සුනඛයින් ට එන්නත් කිරීම, කව්රු කලත් හොඳ දෙයක්.
මානව හිමිකම් කඩකිරීමක් .
මොකට කලාද කියල දන්නේ නැහැ , හැබයි ඕන විදේශිකයෙක් ට ඕන ජරා වැඩක් කරන්න උදව් කරන්න ( සල්ලිවලට ) ලංකවේ අය නම් ඕනේ තරම් ඉන්නවා.
සුළු ජාති මහා ජාති සීන් එකක් නෙමේ. ටෙස්ටින් වලට ආරක්ෂාවක් නැති දුප්පත් රටවල් තෝරාගන්න.