(උපාලි රණවීර)
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වැලිවේරිය හීන්පන්විල දී අද (20) සිදුවූ යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් මිය ගිය බව වැලිවේරිය පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හීන්පන්විල පදිංචි 52 හැවිරිදි ස්වර්ණලතා ද සිල්වා නැමැති දෙදරු මවකි.
පාර මාරුවීමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදුවී ඇතැයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
වැලිවේරිය දෙස සිට ගම්පහ බලා ගමන් කරමින් තිබු යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් යතුරුපැදිකරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd