(ඩී.කේ.රත්න)
වැලිමඩ මාවිතිකුඹුර තිබ්බටුතැන්න රජයේ වන වගාවේ අද (30) ඇති වූ හදිසි ගින්නකින් එම වන වගාවේ අක්කර හයක පමණ භූමි ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
දැවමය වටිනාකමකින් යුත් මයික්‍රෝ වර්ගයේ වන වගාවක් වන මෙහි ඇතිවූ මෙම ගින්න හේතුවෙන් එම ශාකවලටද යටිශාක ස්ථරයට ද මෙමගින් දැඩි හානි සිදුව තිබේ.
ප‍්‍රදේශයට පවතින අධික වියළි කාලගුණ තත්වය හේතුවෙන් හා සුළං තත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබේ.
කිසියම් පුද්ගකු විසින් මෙම තිබ්බටුතැන්න රජයේ වන වගාවට ගිනි තබන්නට ඇති බවට වැලිමඩ පොලීසිය සැක පළ කරයි.
සුළං හා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න නිවීම අපහසු වී ඇති බව පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිමඩ වන වගාවක ගින්නක්