(ඩී.කේ.රත්න)
වැලිමඩ මාවිතිකුඹුර තිබ්බටුතැන්න රජයේ වන වගාවේ අද (30) ඇති වූ හදිසි ගින්නකින් එම වන වගාවේ අක්කර හයක පමණ භූමි ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
දැවමය වටිනාකමකින් යුත් මයික්‍රෝ වර්ගයේ වන වගාවක් වන මෙහි ඇතිවූ මෙම ගින්න හේතුවෙන් එම ශාකවලටද යටිශාක ස්ථරයට ද මෙමගින් දැඩි හානි සිදුව තිබේ.
ප‍්‍රදේශයට පවතින අධික වියළි කාලගුණ තත්වය හේතුවෙන් හා සුළං තත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබේ.
කිසියම් පුද්ගකු විසින් මෙම තිබ්බටුතැන්න රජයේ වන වගාවට ගිනි තබන්නට ඇති බවට වැලිමඩ පොලීසිය සැක පළ කරයි.
සුළං හා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න නිවීම අපහසු වී ඇති බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd