ක.ග කරුණාරත්න
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැඩිම මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජයග්‍රහණය කර තිබූ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය අද කටයුතු කළේය.
සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කරගැනීමේ මංගල සැසිවාරය උතුරු මැද පලාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම අවස්ථාවේදී මුලින්ම සභාපති ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කවිඳු අබේසූරිය මහතාගේ නමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිමල් අධිකාරි මහතාගේ නමත් යෝජනාවූ අතර ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 10 ක් ලබා ගනිමින් එ.ජා.ප මන්ත්‍රීවරයා වැඩි ඡන්ද 05 කින් සභාපතිවරයා විය.
ප්‍රතිවාදී අපේක්ෂක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් අධිකාරී මහතාට හිමි වූයේ ඡන්ද 05 ක් පමණි.
වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ඒ.එම් සමන්ත බණ්ඩාර මහතා නිතරඟයෙන් තේරීපත්විය.
වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 16 ක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධූර 06 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05 ක් සහ එක්ස්ත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 05 ක් වශයෙන් හිමිව තිබේ.
2025 නොවැම්බර් මස 04
772
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිකන්ද සභාපති එජාපෙන් - උප සභාපති ශ්‍රීලනිපයෙන්