IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැලිකන්ද ප්‍රදේශවාසීහු මනම්පිටිය වනජීවී කාර්යාලය වටලති

(නිමල් ජයරත්න)
 
පොළොන්නරුව - මඩකලපුව ප‍්‍රධාන මාර්ගය මනම්පිටිය වනජීවී කාර්යාලය ඉදිරිපිටින් අවහිර කරමින් අද(23) වැලිකන්ද ප‍්‍රදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු සහ එම කර්මාන්තකරුවෝ උද්ඝෝෂණයක නිරත වූහ.
 
තම බල ප‍්‍රදේශයේ පාරම්පරික කිරි ගොවීන්, ධීවරයින් ඇතුළු වේවැල් කපන්නන්ට බලපෑම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
 
වැලිකන්ද ප‍්‍රදේශයේ කරපොළ, මුතුගල, සඳුන්පිටිය, කුඩාපොකුණ, රුහුණුකෙත ඇතුළු ගම්මාන රැසක ජනතාව 600කට ආසන්න ප්‍රමාණයක් වනජීවී කාර්යාලය වටලා, ප‍්‍රධාන මාර්ගයේ වාඩි වී පැය 3 කට ආසන්න කාලයක් විරෝධතාව පැවැත්වූහ.
 
වැලිකන්ද ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත අබේසුරිය, උපසභාපති සමන්ත බණ්ඩාර, නුවන් සමරසිංහ, එම්.අයි අලිකාන්, එම්.අයි උසනාර්, වී. කාන්දන්,  අනිල් පුෂ්පකුමාර, සම්පත් ප‍්‍රසාද්, පද්මා අයිරාංගනී යන එක්සත් ජාතික පක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.
 
මනම්පිටිය සහ වැලිකන්ද වනජීවි නිලධාරීන් තමන් අත්අඩංගුවට ගෙන උසාවියට වැරදි කරුණු වාර්තාකර තම කාර්මාන්තකරුවන් විවිධ අඩත්තේට්ටම්වලට ලක්කර ජීවනෝපායට බාධා එල්ලවන අයුරින් කටයුතු කරන බව ජනතාව පැවසූහ.



අදහස් (0)

වැලිකන්ද ප්‍රදේශවාසීහු මනම්පිටිය වනජීවී කාර්යාලය වටලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site