(සිතුම් චතුරංග)
ජාතීන් අතර අසමගිය ඇතිකරමින් අන්තවාදය පතුරවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි , එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන පිරිසට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වැලිඔය ප‍්‍රදේශවාසීහු පිරිසක් අද (26) වැලිඔය නගරයේ විරෝධතා පාගමනක නිරතවූහ.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදයට උපකාර කළ අයකු බවට චෝදනා ලැබ ඇති බවත් ඔහු සහ හිටපු ආණ්ඩුකාරවරුන් අත්අඩංගුවටගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශවාසීහු පිරිස විරෝධතාවයෙහි නිරතවූහ.
වැලිඔය ප‍්‍රදේශවාසීන් පැවසූයේ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා සිංහල සහ දෙමළ ජනතාවට ලබාදිය යුතු නිවාස සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර ජාතිවාදී අයුරින් මුස්ලීම් ජනතාවට පමණක් ලබාදී ඇති බවත් එමගින් ප‍්‍රදේශයේ යුද්ධයෙන් බැට කෑ ජනතාවට විශාල අසාධාරණයක් සිදුකර ඇති බවයි.
අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් වන්නි දිස්ත‍්‍රික්කයේ මුස්ලිම්, සිංහල සහ දෙමළ ජනතාව විරසකයකට පත්ව ඇති බවද පෙන්වා දුන්හ.
විරෝධතාවයට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ වන්නි දිස්ත‍්‍රික් සංවිධායක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි එස්.එම්.ජේ ධර්මකිර්ති මහතා පවසා සිටියේ රජය විසින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ක‍්‍රියා කිරීම හේතුවෙන් යුද සමයේ සහජීවනයෙන් ජීවත්වූ සිංහල, දෙමළ සහ මුස්ලීම් ජනතාව අතර විරසකයක් ආරම්භ කිරීමට හිටපු අමාතවරයා කටයුතු කර ඇති බවත්ය.
චෝදනා ලැබූ ආණ්ඩුකාරවරුන් හා හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.
වැලිඔය ලංකා බැංකු ගොඩනැගිල්ල අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන් කළ කළේය.
විරෝධතාව සඳහා ප‍්‍රදේශය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබිණි.
ජාතික නිදහස් පෙරමුණේ මුලතිව් දිස්ත‍්‍රික් සංවිධායක ධමිත් නිලවීර මහතා ඇතුළු ප‍්‍රදේශවාසීන් හා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් විශාල පිරිසක් විරෝධතාව සඳහා එක්ව සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වැලිඔය ප්‍රදේශවාසීහු විරෝධතා පාගමනක