රොමේෂ් මධුෂංඛ
වව්නියාව මමුකන්ද පොලිස් වසමට අයත් සින්නමයිලන්කුලම් ප්‍රදේශයේ වෙල්යායක තිබූ වගා ළිඳකින් නරක් වූ මළ සිරුරක් හමු වූ බවට මඩුකන්ද පොලීසිය පවසයි.
සින්නමයිලනුකල්ම වැව් බැම්ම ආසන්නයේ වගා ළිඳක් ඇති අතර එම ළිඳ ආසන්නයෙන් ගොවියකු ගමන් කරමින් සිටි අවස්ථාවේ දී ළිඳ තුළ තිබු එම සිරුර දැක ඇති අතර පසුව ඒ බව මඩුකන්ද පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව මඩුකන්ද පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩට ගෙන ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා වව්නියාව මහ රෝහල වෙතට රැගෙන ගොස් ඇත.
මළ සිරුර දින 5 ක පමණ කාලයක් ළිඳ තුළ තිබීමෙන් බොහෝ සෙයින් නරක් වී තිබූ අතරම මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් අදාළ පුද්ගලයා අතුරුදන්ව ඇති බවට පොලිස් පැමිණිල්ලක් ද දමා ඇත
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෙල් යායක පාලු ළිඳකින් මළ සිරුරක් හමුවෙයි