IMG-LOGO

වැලි ප්‍රවාහනයට ව්‍යාජ බලපත්‍ර හදා විකුණු ජාවාරමක් වටලයි

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව සහ මුලතිව් ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර එම බලපත්‍ර දීර්ඝ කාලයක් තිස්සේ විකීණීමේ ජාවාරමක් වැටලීමට පුලියන්කුලම් පොලීසිය පියවර ගනු ලැබීය.

මාන්කුලම් සිට ඕමන්ත දක්වා ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකුගේ බලපත්‍ර පුලියන්කුලම් පොලිස් නිලධාරීන්  වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම බලපත්‍ර ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබේ.

පසුව කරන ලද වැඩිදුර විමර්ශනයකදී දිගු කලක් තිස්සේ කිසියම් පිරිසක් විසින් අදාළ බලපත්‍ර සකස් කර එක් බලපත්‍රයක් රුපියල් 20,000 කට විකුණා ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ ටිපර්ය හා ටිපර් රථයේ රියදුරු මෙන්ම ටිපර් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  සැකකරුවන් ජුලි 3 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස මහේස්‍ත්‍රාත්වරයා නියම කළේය.

ව්‍යාජ බලපත්‍ර සකස් කරන ලද පිරිස සොයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය හා පුලියන්කුලම් පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



අදහස් (0)

වැලි ප්‍රවාහනයට ව්‍යාජ බලපත්‍ර හදා විකුණු ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 621 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 351 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 494 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site