(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි සහ චාවකච්ඡේරි ප්‍රදේශයන් හි අද (24) සහ ඊයේ (23) සවස සිදුවූ අනතුරු වලින් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට චාවකච්චේරි සහ කෝපායි පොලීසිය සඳහන් කරයි.
චාවකච්චේරි මීසාලෙයි මංසන්ධියේ පිහිටා ඇති දුම්රිය හරස් මාර්ගය උඩදී වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබේ.
එම අනතුරේදී ටිපර් රථ දෙකෙන් එකක් පෙරළී ගොස් තිබු අතර අනතුර දුම්රිය මාර්ගය උඩ සිදුවීම නිසාවෙන් ටිපර් රථ ඉවත් කිරීමට නොහැකි වීම නිසා කොළඹ සිට පැමිණි දුම්රිය ද මීසාලෙයි දුම්රිය ස්ථානයේ දී පැයකට ආසන්න කාලයක් නවතා තැබීමට සිදුවිය.
මේ අතර කෝපායි මන්සන්ධියේ දී කැන්ටර් රථයක් හා යතුරු පැදියක් අද (24) දින අනතුරට ලක් වීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබූ බවට කෝපායි පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සින්නතුරෙයි රාසරත්නම් නම් පුද්ගලයෙකි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලි- ටිපර් රථ ගැටී අයෙක් මරුට